පාපන්දු ලෝක කුසලාන තරග ක්‍රීඩාංගනවල මත්පැන් අලෙවිය තහනම් කරයි

November 18, 2022 at 11:00 PM

පාපන්දු ලෝක කුසලානය පවත්වනු ලබන කටාර් රාජ්‍යයේ ක්‍රීඩාංගණවල බියර් අලෙවිය තහනම් කර ඇති බව ජාත්‍යන්තර පාපන්දුසම්මේලනය අද දිනයේ දී සිකුරාදා තහවුරු කර සිටියා.

සත්කාරක රටේ බලධාරීන් සහ FIFA සංවිධානය අතර පැවති සාකච්ඡාවලින් පසුව, කටාර්හි පාපන්දු ලෝක කුසලාන තරග පවත්වනු ලබන ක්‍රීඩාංගණ තුල බීර අලෙවි ස්ථාන ඉවත් කිරීමට තීරණය කරනු ලැබූ බවයි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිවේදනය කර සිටියේ.

එමෙන්ම පාපන්දු ලෝක කුසලාන ප්‍රේක්ෂකයින් ගේ විශේෂ සැමරුම් කලාපය, සෙසු සංචාරක ස්ථාන සහ බලපත්‍රලාභී ස්ථාන වල පමණක් මධ්‍යසාර පාන අලෙවිය සිදු කිරීමට කටාර් රාජ්‍ය තීරණය කර ඇත.

කටාර්හි සියලුම ලෝක කුසලාන ක්‍රීඩාංගණවල මධ්‍යසාර රහිත පානයන් විකිණීමට කිසිදු තහනමක් පනවා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

පාපන්දු ක්‍රීඩාංගන තුල මත්පැන් සහ බීර අලෙවිය තහනම් කිරීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින් දැඩි ලෙස කනස්සල්ලට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.