හිතාමතා රිය අනතුරක් කළ රියැදුරුට ඩිරාම් 20,000ක දඩයක්

October 26, 2022 at 11:24 AM

ප්‍රධාන මාර්ගයේ තවත් රියදුරෙකු ලුහුබැඳ ගොස් ඔහුට බාධා කර හිතාමතාම ඔහුගේ මෝටර් රථය පිටුපසට හරවා හැපී රියදුරෙකුට ඩිරාම් 20,000ක වන්දියක් ගෙවන ලෙස එරට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

අබුඩාබි අභියාචනාධිකරණය විසින් විත්තිකරු විසින් බාධා කළ රියදුරුගේ වන්දි ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පළමු අවස්ථාවේදී අධිකරණය විසින් මීට පෙර ලබා දී තීන්දුව අවලංගු කර ඇත.

අනතුරට පත් වූ තමාගේ මෝටර් රථයට සිදුවූ හානිය හේතුවෙන් සිදුවූ ද්‍රව්‍යමය හා සදාචාරාත්මක හානිය වෙනුවෙන් ඩිරාම් 115,000 ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරුට එරෙහිව නඩු පවරා ඇත.

තමා ප්‍රධාන මාර්ගයේ වාහනය ධාවනය කරමින් සිටියදී විත්තිකරු තම මෝටර් රථය ලුහුබැඳ ගොස් දෙවරක් තමාගේ මාර්ගය අවහිර කළ බව පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත. පසුව විත්තිකරු තමා ඉදිරියෙන් ඔහුගේ මෝටර් රථය නැවැත්වූ විට තමා පාරේ නතර වූ බවත් පසුව විත්තිකරු සිය රථයේ පසු පසට ධාවනය කොට හිතාමතාම ඔහුගේ මෝටර් රථයට අලාභ හානි කරනු ලැබූ බවයි.

විත්තිකරු මීට පෙර අධිකරණයේදී වැරදිකරු වී මාස හයකට සිරගත කරනු ලැබුවෙකු වන බවට හෙළිවී ඇත. ඒ ඔහු අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සහ රියදුරෙකුගේ ජීවිතයට අනතුරක් කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වීමෙන් බවයි සඳහන් වන්නේ.