එක්සත් අරාබි එමීර් රාජ්‍යය නව රථවාහන නීති හඳුන්වා දෙයි

September 27, 2022 at 1:28 PM

රිය අනතුරකින් පසු තම වාහනය නැවැත්වීමට අපොහොසත් වනරියදුරන්ට සිරදඬුවමක් හෝ අවම වශයෙන් ඩිරාම් 20,000 කදඩයක් ගෙවිය යුතු බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රකාශ කරසිටිනවා.

රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීම සඳහාඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් විවිධ අංශ ඔස්සේ පියවරගෙන තිබෙනවා.

යම් අනතුරක් සිදුවූ වහාම වාහනය නතර කොට ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වහාම දැනුවත් කිරීම අනිවාර්යබවයි නිලධාරින් පවසන්නේ.