ඩුබායි ධාවන තරගය නිසා ඉරිදා වසා තැබෙන මාර්ග ගැන දැනුම් දෙයි

November 18, 2022 at 10:54 PM

ඩුබායි නගරයේ ලබන ඉරිදා (20) පැවැත්වෙන ධාවන තරගයක් හේතුවෙන් Sheikh Zayed මාර්ගය වසා දමනු ලබන බවට දැනුම් දී සිටිනවා.

ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ එම කාලය තුලදී රියැදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

ධාවන තරගය හේතුවෙන් වසා තැබෙන මාර්ග පහත දැක්වේ :

* Sheikh Zayed මාර්ගය සහ Mohammed bin Rashid Boulevard මාර්ගය අලුයම 4 සිට 10 දක්වා වසා තැබේ.

* ෆිනෑන්ෂල් සෙන්ටර් පාර අලුයම 4 සිට පෙරවරු 10 දක්වා දෙපස වසා තැබේ.

* Sheikh Mohammed bin Rashid Boulevard අලුයම 4 සිට 10 දක්වා වසා තැබේ.