ලොව උසින් වැඩිම තට්ටු නිවාස සංකීර්ණය ඩුබායි හි ඉදිකිරීමට යයි

November 9, 2022 at 10:33 PM

ලොව උසින් වැඩිම තට්ටු නිවාස සංකීර්ණය ඉදිකිරීමට ඩුබායි හි ඉදිකිරීම් සමාගමක් වන Burj Binghatti Jacob & Co Residences තීරණය කර තිබෙනවා.

මෙම තට්ටු නිවාස සංකීර්ණය ඉදිකිරීම් ආරම්භ කරනු ලබන දිනය හෝ වැඩ අවසන් කිරීමට බලාපොරොත්තු වන දිනය ගැන නිල දැනුම් දීමක් එම සමාගම විසින් සඳහන් කර නොමැති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙම මහල් නිවාස සංකීර්ණයේ නිවාස නිදන කාමර දෙකකින් සහ නිදන කාමර තුනකින් සමන්විත වන අතර, එම ගොඩනැගිල්ල තට්ටු 100 ඉක්මවා යනු ඇති බවයි Burj Binghatti Jacob & Co Residences සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

මෙම මහල් ගොඩනැගිල්ල ඩුබායි හි සුප්‍රකට ව්‍යාපාරික කලාපයක් වන Business Bay ප්‍රදේශයේ ඉදිකිරීමටයි Burj Binghatti Jacob & Co Residences සමාගම තීරණය කර ඇත්තේ.