එතෙර රැකියාවල නියුතු ශ්‍රමිකයින්ට වාහන ගෙන්වීමට අවසර දෙන කොන්දේසි 02

October 27, 2022 at 9:22 AM

එතෙර රැකියා වල නියුතු ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් හට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම දිරිගැන්වීමේ අරමුණි හඳුනාගනු ලැබූ සහනයන් සලසා දීම පිණිස ඔක්තෝම්බර් මස 08 වෙනිදා දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා දී ඇත.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කරනු ලැබ ඇති අතර සුදුසුකම් ලබන විගමනික ශ්‍රමිකයන් හට ඇමෙරිකානු ඩොලර් 25,000 ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් ද, ඇමරිකානු ඩොලර් 65,000 ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් ද ආනයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලද, විගමනික ශ්‍රමිකයන් විසින් එතෙරදී උපයනු ලබන විදේශ විනිමය ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිගැනිවීමේ අරමුණින් ගනු ලැබ ඇති පහත සඳහන් පියවරයන් සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දී ඇත.

* ‍2023 04 30 දින දක්වා හෝ වාහනයක් ආනයනය කිරීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලබන දින දක්වා ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද දෙකක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

* ‍2022 05 01 දින සිට 2023 12 31 දින දක්වා මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50%ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද හතරක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.