පාපන්දු ලෝලීන්ට අන්තර්ජාලය ඔස්සේ හිරිහැර කළ පුද්ගලයෙකුට අධිකරණයෙන් දඩ

October 20, 2022 at 9:09 PM

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා සමාජයක ක්‍රීඩා ලෝලීන්ට ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ පුද්ගලයෙකුට ඩිරාම් 50,000ක දඩයක් නියම කර තිබෙනවා.

ඔහු භාවිත කළ දුරකථනය ද රාජසන්තක කරන ලෙසත් අපරාධයට අදාළ සියලු තොරතුරු මකා දමන ලෙසත් අල්-අයින් අභියාචනාධිකරණය නියෝග කළ බවයි khaleej times වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ.

ඊට අමතරව මෙම පුද්ගලයාට වසරක කාලයකට ට්විටර් භාවිතා කිරීම දඅධිකරණය විසින් තහනම් කර ඇත.

අන්තර්ජාලය ඔස්සේ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා වරදකරු බව තීරණය කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර සිටියා.

විත්තිකරු විසින් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා ලෝලීන්ගේ සිත් රිදවන ආකාරයේ නුසුදුසු ඡායාරූප ට්විටර් වෙබ් අඩවියේ පළ කළ බව අධිකරණයේ දී හෙලිවුවා.

(Newswire Dubai)