ඩුබායි ෂොපින් ෆෙස්ටිවල් දෙසැම්බර් 15 වෙනිදා ඇරඹේ

October 18, 2022 at 7:35 PM

28 වන වරටත් ‘ඩුබායි ෂොපින් ෆෙස්ටිවල්’ සාප්පු සවාරිය දෙසැම්බර් 15 වෙනිදා සිට 2023 ජනවාරි 29 දක්වා පැවැත්වෙනු ලැබෙනවා. දින 46 ක උත්සවයේදී සාප්පු සවාරි, හෝටල් දීමනා, විවිධ දිනුම් ඇදීම ඇතුළු විනෝදාස්වාදය ඇතුලත් විවිධ ප්‍රසංග ඇතුලත් බව khaleej times වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

ඩුබායි සාප්පු සවාරි උත්සවයේ දී රාත්‍රී අහසේ ඩ්‍රෝන ආලෝක ප්‍රසංගයක් (Drones Light Show) ද පැවැත්වෙන බවයි ප්‍රසංගයේ සංවිධායකවරුන් පැවසුවේ.

ඩුබායි සාප්පු සැණකෙළියේ දී ලොව පුරා සිටින අමුත්තන්ට ඩුබායි වෙත පැමිණ දීර්ඝතම සාප්පු සවාරි සැණකෙළිය භුක්ති විඳීමට තවත් අවස්ථාවක් උදාවන බවයි එහි සංවිධායකයින් පැවසුවේ.

(Newswire Dubai)