වාහනයේ අයිතිය මාරු නොකළට ඩිරාම් 22,000ක් දඩ ගෙවන්න සිදුවූ තරුණයා

October 12, 2022 at 2:40 PM

අබුඩාබියේ තරුණ මෝටර් රථ රියදුරෙකුට ඔහු කාන්තාවක ගෙන් මිලදී ගත් මෝටර් රථයක් තම නමට මාරු නොකරගෙන සිය භාවිතයට යොදා ගැනීම හේතුවෙන් විශාල දඩ මුදලකට යටත් කර ඇති බව khaleej times වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

වාහනයේ අයිතිය මාරු නොකිරීම හේතුවෙන් අදාළ තරුණයාට ඩිරාම් 22,850ක් දඩ වශයෙන් ගෙවීමටයි නියෝග කර ඇත්තේ.

වාහනයේ මුල් හිමිකරිනිය විසින් තමන් වාහනය විකිණීමෙන් අනතුරුව අදාල තරුණයා විසින් වාහනයේ හිමිකම් මාරු කරගෙන නොමැති වීම නිසා ඇය විසින් පැමිණිල්ලක් සිදුකර ඇත.

මෙම තරුණයා පසුව මෝටර් රථය පදවාගෙන යමින් සිටියදී ඩිරාම් 22,850 ක් වූ රථවාහන වැරදි සිදු කර ඇති නමුත් දඩ මුදල් පියවීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුව අධිකරණයට හමුවට රැගෙන යෑමට එම කාන්තාව පියවර ගෙන ඇත.

උසාවියේදී තරුණයා රථවාහන දඩ නියම කළ බව පිළිගත් අතර ඔහුගේ වීසා කාලය අවසන් වී ඇති නිසා මෝටර් රථයේ අයිතිය ඔහුගේ නමට පැවරීම ප්‍රමාද කළ බව ඔහු අධිකරණය හමුවේ පවසා ඇත.

සියලු පාර්ශ්වයන්ගෙන් කරුණු විමසීමෙන් පසු මෝටර් රථයේ අයිතිය ඔහුගේ නමට පවරන ලෙසත් රථවාහන දඩ මුදල් සියල්ල ඉවත් කරන ලෙසත් අධිකරණය නියෝග කර ඇත.