එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවිකාවන්ට රැකියා ලබාදීම සම්බන්ධයෙන් නව නීති ගෙන එයි

October 11, 2022 at 10:10 PM

දෙසැම්බර් 15 දින සිට බලාත්මක වීමට නියමිත ගෘහ සේවිකාවන් පිළිබඳ නව නීතිය යටතේ නිසි අවසර පත්‍රයක් නොමැතිව කිසිදු සේවා යෝජකයෙකුට ගෘහ සේවිකාවන් බඳවා ගැනීම තහනම් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය පියවර ගෙන තිබෙන බව khaleej times වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

“මානව සම්පත් සහ එමිරේටේෂන් අමාත්‍යාංශයේ නිසි බලපත්‍රයක් ලබා ගැනීමෙන් පසුව මිස ගෘහ සේවිකාවන් බඳවා ගැනීම හෝ තාවකාලික රැකියා සඳහා අවසර නොදෙන බවට” නව නීතියෙන් නියෝග කර ඇත.

බලපත්‍රලාභී බඳවා ගැනීමේ නියෝජිතයින්ට සහ කාර්යාලවලට ගෘහ සේවිකාවන්ගේ සුබසාධනය ආරක්ෂා කිරීම සඳහා සකස් කරන ලද දැඩි නීති මාලාවක් අනුගමනය කිරීමට සිදුවේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවිකාවන්ගේ රැකියා නියාමනය කිරීම අරමුණු කරගනිමින්, නව නීතිය මගින් සහායකයින්ගේ සිට බඳවා ගන්නන් සහ සේවා යෝජකයින් දක්වා සම්බන්ධ වන සියලුම පාර්ශ්වවල සියලුම අයිතිවාසිකම් සහ වගකීම් නියම කරයි.

ගෘහ සේවිකාවන් ආරක්ෂා කරන ව්‍යවස්ථාදායක රාමුවක් ස්ථාපිත කිරීමේ” නව අරමුණෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

(Newswire Dubai)