වසරේ අවසන් අර්ධ සුර්යග්‍රහණය නැරඹීමට පෙර මේ ගැන දැනුවත් වන්න

October 10, 2022 at 10:24 AM

2022 වසරේ අවසන් අර්ධ සූර්යග්‍රහණය ඔක්තෝම්බර් මස 25 වෙනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දිස්වන බව ඩුබායි තාරකා විද්‍යා සංගමය පවසන බව khaleejtimes පුවත්පත වාර්තා කර සිටිනවා.

අර්ධ සුර්යග්‍රහණය නරඹන අතරතුර එය නරඹන පුද්ගලයින්ගේ ඇස් ආරක්ෂා කර ගැනීම සඳහා සූර්යයා දෙස කෙලින්ම නොබලන ලෙසයි ඩුබායි තාරක විද්‍යා සංගමය සඳහන් කර සිටින්නේ.

අර්ධ සුර්යග්‍රහණය ඔක්තෝම්බර් මස 25 වෙනිදා පස්වරු 2.42 ට ආරම්භ වී පස්වරු 4.54 ට අවසන් වීමට නියමිතයි. අර්ධ සූර්යග්‍රහණය උපරීම අවස්ථාව සවස 3.52 ට දැක බලා ගැනීමට හැකිවන බවයි ඩුබායි තාරකා විද්‍යා සංගමය පවසන්නේ.

අර්ධ සුර්යග්‍රහණය නැරඹීමේදී ඔබ වඩාත් සිහිකල්පනාව තබා ගත යුතු දේ :

* නිසි ඇස් ආරක්ෂාවක් නොමැතිව හිරු දෙස නොබලන්න.

* කිසිම ආකාරයක (තනි හෝ බහු යුගල) අව් කණ්ණාඩියකින් හෝ චිත්‍රපට පෙරහන් හෝ ඡායාරූප පෙරහන් ආදිය භාවිත නොකරන්න.

* දුරේක්ෂයන් භාවිත කිරීමේදී එහි දර්පණයන් සම්බන්ධයෙන් අවදානයෙන් සිටින්න.

(Newswire Dubai)