කටාර් රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කරන්නැයි නියෝග

October 7, 2022 at 9:08 AM

ලබන මාසයේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේදී කටාර් හී රාජ්‍ය සේවකයින් බොහෝ දෙනෙකුට නිවසේ සිට වැඩ කරන ලෙස නියෝග කර ඇති අතර, විශාල සංචාරකයින් පිරිසක් පැමිණීම සඳහා රට සූදානම් කරන බැවින් පාසල් වසා දැමීමට සහ පන්ති පැවැත්වෙන වේලාවන් සංශෝධනය කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව khaleej times පුවත්පත වාර්තා කර සිටිනවා.

නොවැම්බර් 20 වැනිදා ආරම්භ වන පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගය දෙසැම්බර් 18 වැනිදා පැවැත්වේ. පාපන්දු ලෝක කුසලානයක් මැදපෙරදිග රටකදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.

තරඟාවලියට දළ වශයෙන් මිලියන 1.2 ක් නරඹන්නන් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

මේ හේතුව නිසා කටාර් රජය බදාදා අග ප්‍රකාශ කළේ එහි ශ්‍රම බලකායෙන් 80%ක් නොවැම්බර් 1 සිට දෙසැම්බර් 19 දක්වා නිවසේ සිට වැඩ කරන ලෙසයි.

රජයේ සහ පෞද්ගලික පාසල් නොවැම්බර් 1 සිට නොවැම්බර් 17 දක්වා මධ්‍යහ්නය කාලය දක්වා පමණක් පාසල් පවත්වනු ඇති අතර පසුව ලෝක කුසලානයේ සම්පූර්ණ කාලය සඳහා සහ අවම වශයෙන් දෙසැම්බර් 22 දක්වා වසා තබනු ඇත.

(Newswire Dubai)