එක්සත් අරාබි එමීර් රාජයේ විවෘත කෙරෙන හින්දු කෝවිල

October 4, 2022 at 9:48 PM

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි Jebel Ali හි ඉදි කළ හින්දු කෝවිල බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සදහා හෙට දිනයේ  විවෘත කිරීමට නියමිතව ඇත.

ඒ එළඹෙන දුසෙරා උත්සවයට සමගාමීවයි.

ඩුබායිහි කලීජ් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කළේ ඩුබායිහි මේවනවිටත් පවතින ඉපැරැණි සින්දි ගුරු දර්බාර් කෝවිලේ කොටසක් ලෙස මෙම නව හින්දු කෝවිල ඉදිකර ඇති බවයි.

නව කෝවිලේ ඉදිකිරීම් කටයුතු ඉකුත් 2020 වසරේදී ආරම්භ කර තිබේ.

වන්දනාමාන කටයුතු සදහා එය උදෑසන 6 යි 30 ට විවෘත කෙරෙන අතර රාත්‍රී 8 ට දක්වා විවෘතව පවතිනු ඇති.

නව කෝවිලට ඇතුලු වී වන්දනාමාන කිරීමට සහ ඇතුළත නිර්මාණය කර ඇති අලංකාර පිළිරූ නැරඹීමට සර්ව ආගමික බැතිමතුන්ට මෙන්ම සංචාරකයින්ට ද අවස්ථාව හිමිවේ.

කිරිගරුඬ භාවිතයෙන් අලංකාරවත්ව නිර්මාණය කර ඇති මෙම නව හින්දු කෝවිලේ ඇතැම් වාස්තු නිර්මාණවලට හින්දු මෙන්ම අරාබි ආභාෂය ද ලැබී ඇතැයි විදෙස් මාධ්‍යන්හි සදහන්.

ඒ අනුව බොහෝ වන්දනාකරුවන් පිරිසක් කෝවිලට පැමිණ ඇති අතර විශාල පිරිසක් පැමිණ ඇත්තේ සති අන්තයේදීයි.