මුහම්මද් නබි තුමාණන්ගේ උපන්දිනය වෙනුවෙන් වැටුප් සහිත නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කෙරේ

October 2, 2022 at 11:26 AM

මුහම්මද් නබි තුමාණන්ගේ උපන්දිනය වෙනුවෙන් 2022 ඔක්තෝබර් 8 සෙනසුරාදා රාජ්‍ය අංශයට වැටුප් සහිත නිවාඩුවක් ලබා දෙන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කර ඇත.

රජයේ මානව සම්පත් සඳහා වන ෆෙඩරල් අධිකාරිය විසින් අද නිකුත් කරන ලද චක්‍රලේඛයක සඳහන් වන්නේ වැඩ කටයුතු ඔක්තෝබර් 10 වන සඳුදා නැවත ආරම්භ වන බවයි.

2022 ඔක්තෝම්බර් 8 වන සෙනසුරාදා දින දිවයිනේ පෞද්ගලික අංශය සඳහා රජයේ නිවාඩු දිනයක් බව අධිකාරිය මීට පෙර නිවේදනය කර තිබුණි.