එක්සත් අරාබි එමීර් රාජ්‍යය නව ඉන්ධන මිල ගණන් දැනුම් දෙයි

October 1, 2022 at 9:49 AM

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව සැප්තැම්බර් 30 දින 2022 ඔක්තෝබර් මාසය සඳහා පෙට්‍රල් සහ ඩීසල් මිල ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඔක්තෝබර් 1 වැනිදා සිට Super 98 පෙට්‍රල් ලීටරයක මිල ඩිරාම් 3.03ක් වන අතර සැප්තැම්බර් මාසයේ එය පැවතියේ ඩිරාම් 3.41ක් ලෙසයි.

Special 95 පෙට්‍රල් ලීටරයක මිල ඩිරාම් 2.92ක් වන අතර සැප්තැම්බර් මාසයේ දී එහි මිල පැවතුනේ ඩිරාම් 3.30ක් ලෙසයි.

E-Plus 91 පෙට්‍රල් ලීටරයක මිල ඩිරාම් 2.85 ක් වන අතර එය ඉකුත් මාසයේ පැවතියේ ඩිරාම් 3.22ක් ලෙසයි.

සැප්තැම්බර් මාසයේ ඩිරාම් 3.87 ට පැවති ඩීසල් ලීටරයක නව මිල ලෙස සඳහන්ව ඇත්තේ ඩිරාම් 3.76 ක් යනුවෙන් වේ.