අබුඩාබි මාර්ග කිහිපයක් සඳහා නව වේග සීමා පනවයි

September 25, 2022 at 1:36 PM

අද සිට ක්‍රියාත්මක වන පරිදි අබුඩාබි හි මාර්ග කිහිපයක නව වේග මාපක ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව එරට පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

අනුව Sheikh Zayed bin Sultan Road (Al Qurm Street) සිට Sheikh Zayed Bridge සහ Qasr Al Bahr Intersection දක්වා මාර්ගයේ වාහන ධාවන වේගය පැයට කිලෝමීටර් 100ක්දක්වා අඩු කිරීමටයි එරට බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

අධිවේග සීමාව තුළ රිය පැදවීම තදබදය පවතින අවස්ථාවල රථවාහන ගමනාගමනය වැඩිදියුණු කිරීමෙන් අනතුරු වළක්වාගැනීමට උපකාරී වන බව අධ්‍යනවලින් හෙළි වී ඇති බව බලධාරීන් සඳහන් කළේ.