ඩුබායි හි කුළී නිවැසියන්ට විශේෂ දැනුම් දීමක්

September 22, 2022 at 1:33 PM

ඩුබායි රාජ්‍යයේ නිවාස ඒකකවල පදිංචිව සිටින සම නේවාසිකපුද්ගලයින් සම්බන්ධයෙන් වූ තොරතුරු මාසයක් ඇතුලත ලියාපදිංචි කරන ලෙස එරර ඉඩම් දෙපාර්තමේන්තුව නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එලෙස ලියාපදිංචි කිරීම සඳහා පහත සඳහන් කරුණු ඇතුලත්විය යුතු බවයි ඩුබායි ඉඩම් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.

# සම පදිංචිකරුගේ නම

# එමිරේට්ස් හැඳුනුම්පත අංකය

#විදේශ ගමන් බලපත්‍ර අංකය (සහ පදිංචිකරුට එමිරේට්ස්හැඳුනුම්පතක් නොමැති නම්).

සම පදිංචිකරුවන්ට සිය පදිංචිය පිළිබඳ සනාථ කිරීමේලේඛනයක් ඔවුන් දැනට පදිංචිව සිටින නිවසේ ලිපිනය භාවිතාකළ හැකි නමුත් රජයේ ගනුදෙනු සඳහා එය භාවිතා කළනොහැක.

සම පදිංචිකරුවන් ලියාපදිංචි කිරීම අනිවාර්ය වනඅතර, කුලී කොන්ත්රාත්තුවේ ඔවුන්ගේ සියලු නම් සඳහන් කිරීම අවශ්‍ය නොවන බවයි ඩුබායි ඉඩම් දෙපාර්තමේන්තුව සඳහන්කර සිටින්නේ.

එක්සත් එමීර් රාජ්‍යයේ වෙසෙන සියලුම නිවැසියන්ගේසම්පූර්ණ සංඛ්යාන වාර්තාවක්සකස් කිරීමට එරට ඉඩම් දෙපාර්තමේන්තුව මේ වන විට වැඩකටයුතු ආරම්භ කර ඇත.

ඩුබායි සංඛ්‍යා ලේඛණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට අනුව මිලියන 3.5කට අධික ජනතාවක් එමිරේට්ස් හි ස්ථිරපදිංචිකරුවන් වේ. Covid-19 වසංගතය පැතිර ගියද, 2020 සිටඑමිරේට්ස් ජනගහනය 100,000 කින් වැඩිවී ඇත.

2040 වන විට ජනගහනය මිලියන 5.8 ක් වනු ඇතැයිපුරෝකථනය කර ඇත.

ඩුබායි 2040 නාගරික ප්‍රධාන සැලැස්මට අනුව දිවා කාලයේජනගහනය මිලියන 7.8 දක්වා ඉහළ යනු ඇති බවට අපේක්ෂාකෙරේ.